ඒ භාග්‍යවතුන් වහන්සේගේශ්‍රාවකයා වෙමි මම
බොහෝ කලක් තිස්සේ තමන් ධර්මය යැයි සිතාගෙන පුරුදු පුහුණු කළ දෘෂ්ඨි,භාග්‍යවතුන් වගන්සේගේ විචිත්‍ර උපමා, උපමේය සහිත පැහැදිලි කිරීම් ඉදිරියේපරඬැල් බවට පත්වෙත්දී ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණි නිගණ්ඨ ශ්‍රාවක උපාලි ගෘහපති විසින් අන්වර්ථ පද සියයකින්නිගණ්ඨනාථපුත්ත ඉදිරියේදීම අසමසම වූ තිලොවග බුදුසමිඳාණන්ගේ ගුණ වැණූ අයුරු.....
මහා නුවණැති හෙයින් 'ධීර' නම් වූමොහඳුර දුරලූ හෙයින් 'විගතමෝහ' නම් වූකෙලෙස් හුල් බිඳලු හෙයින් 'පභිණ්හඛිල' නම් වූමාර සේනා ජයගත් හෙයින් 'විජිතවිජය' නම් වූකෙලෙස් දුක් රහිත හෙයින් 'අනීඝ' නම් වූසොඳුරු සමසිත් ඇති හෙයින් 'සූසමචිත්ත' නම් වූවැඩුණු සිල් ඇති හෙයින් 'වෘද්ධසීල' නම් වූසොඳුරු ප්‍රඥා ඇති හෙයින් 'සාධුපඤ්හ' නම් වූකෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි හෙයින් ‘වෙස්සන්තර' නම්වූනිමල ගුණ ඇති හෙයින් 'විමල' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....සැකයෙන් එතෙරට වැඩි හෙයින් 'අකථංකථි' නම් වූසතුටින් පිරුණු සිත් ඇති හෙයින් 'තුසිත' නම් වූකාම ගුණ බැහැර කළ හෙයින් 'වංතලෝකාමිස'නම් වූලොවේ යහපත දැක සතුටු වන හෙයින් 'මුදිත' නම් වූශ්‍රමණ ගුණ සපුරා ගත් හෙයින් 'කතසමණ' නම් වූඋතුම් මිනිසෙක් හෙයින් 'මනුජ' නම් වූඅවසන් සිරුර දරනා හෙයින් 'අන්තිමසාරීර' නම් වූඋදාර මිනිසෙක් හෙයින් 'නර' නම් වූඅලාමක සිත් ඇති හෙයින් 'අනෝම' නම් වූකෙලෙස් දුහුවිලි නැති හෙයින් 'විරජ' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....සංකා රහිත සිත් ඇති හෙයින් 'අසංසය' නම් වූහැමට යහපත සදනා හෙයින් 'කුල' නම් වූලෝ සතුන් දමනය කරනා හෙයින් 'වේණයික' නම් වූදහමේ මැනවින් හික්මවන උතුම් රථාචාර්යා බඳු හෙයින් 'සාරථීවර' නම් වූඋදාර ගුණ ඇති හෙයින් 'අනුත්තර' නම් වූපිරිසිදු දහම් ඇති හෙයින් 'රුචිරධම්ම' නම් වූනිසැක ගුණ ඇති හෙයින් 'නික්කංඛ' නම් වූනුවණින් ලොව එළිය කරනා හෙයින් 'පභාසකර' නම් වූමානය සිඳලූ හෙයින් 'මානච්ඡිද' නම් වූමහා වීර ගුණ ඇති හෙයින් 'වීර' නම් වූඒභාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....අසම ගුණ ඇති හෙයින් 'නිසභ' නම් වූපමණ කළ නො හැකිගුණ ඇති හෙයින් 'අප්පමෙය්‍ය' නම් වූගැඹුරු නුවණැති හෙයින් 'ගම්භීර' නම් වූමුනි දහමට පත් වු හෙයින් 'මෝනපත්ත' නම් වූබිය රහිත ගුණයෙන් යුතු හෙයෙන් 'ඛේමංකර' නම් වූලොවෙහි දෙවියන් බඳු හෙයින් 'දේව' නම් වූධර්මයෙහි පිහිටි හෙයින් 'ධම්මට්ඨ' නම් වූසංවර සිත් ඇති හෙයින් 'සංවුතත්ත' නම් වූකෙලෙස් ඉක්ම ගිය හෙයින්'සංඝාතික' නම් වූදුකින් නිදහස් වු හෙයින් 'මුත්ත' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....මහා ඇත් රජෙකු වැනි හෙයින් 'නාග' නම් වූඈත වනයේ වසනා හෙයින් 'පංතසේන' නම් වූකෙලෙස් බැඳීම් ගෙවා දැමුහෙයින් 'ඛීණසංයෝජන' නම් වූකෙලෙසුන් ගෙන් නිදහස් වු හෙයින් 'මුත්ත' නම් වූනුවණින් යුතු කථාබහ ඇති හෙයින් 'පටිමංතක' නම් වූකෙලෙස් සෝදා හළ හෙයින් 'ධෝණ' නම් වූමානධජ බිම හෙලු හෙයින් 'පන්නද්ධජ' නම් වූවීතරාගී හෙයින් 'වීතරාග' නම් වූදමනය වූ හෙයින් 'දමිත' නම් වූකෙලෙස් සිතිවිලි රහිත වූ හෙයින් 'නිප්පපංච' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....සත් බුදුවරුන් අතරේ සත් වැනි මහා ඍෂි වූ හෙයින් 'ඉසිසත්තම' නම් වූකුහක ගති නැති හෙයින් 'අකුහ' නම් වූත්‍රිවිද්‍යාව ලද හෙයින් 'තේවිජ්ජ' නම් වූශ්‍රේෂ්ඨත්වයට පත් වූහෙයින් 'බ්‍රහ්මපත්ත' නම් වූකෙලෙස් සෝදා හළ හෙයින් 'නහාතක' නම් වූදහම් පද මැනවින් දෙසනා හෙයින් 'පදක' නම් වූසැහැල්ලු සිත කය ඇති හෙයින් 'පස්සද්ධ' නම් වූදුටු දහම් ඇති හෙයින් 'විදිතවේද' නම් වූහැමට පළමුව ධර්ම දානය බෙදා දුන් හෙයින් 'පුරින්දද' නම් වූසියලු ගුණයට දක්‍ෂ හෙයින් 'සක්ක' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....ආර්ය ගුණ ඇති හෙයින් 'අරිය' නම් වූවඩන ලද සිත් ඇති හෙයින් 'භාවිතත්ත' නම් වූඋතුම් ගුණයට සපැමිණි හෙයින් 'පත්තිපත්ත' නම් වූදහම මැනවින් තෝරා දෙන හෙයින් 'වෙය්‍යාකරණ' නම් වූමනා සිහිනුවණ ඇති හෙයින් 'සතිමා' නම් වූනුවණින් ලොව දක්නා හෙයින් 'විපස්සී' නම් වූරහත් ගුණයෙන් යුතු හෙයින් 'අනභිනත' නම් වූසියලු නුගුණින් බැහැර වූ හෙයින් 'අනපණත' නම් වූතෘෂ්ණා නැති හෙයින් 'අනේජ' නම් වූවසඟ කළ සිත් ඇති හෙයින් 'වසිප්පත්ත' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....යහපත් මග වැඩි හෙයින් 'සම්මග්ගත' නම් වූධ්‍යාන වඩනා හෙයින් 'ඣායී' නම් වූකෙලෙස් හා එක් නො වූ සිත් ඇති හෙයින් 'අනනුගතන්තර' නම් වූපාරීශුද්ධ සිත් ඇති හෙයින් 'ශුද්ධ' නම් වූකෙලෙස් රහිත හෙයින් 'අසිත' නම් වූනැති නොවන ගුණයෙන් හෙයින් 'අප්පහීණ'නම් වූහුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් 'පවිවිත්ත' නම් වූලොවෙහි මුදුනට පත් වූ හෙයින් 'අග්ගපත්ත' නම් වූසසරෙන් එතෙරට වැඩි හෙයින් 'තිණ්ණ' නම් වූඅනුන් එතෙර කරවන හෙයින් 'තාරයන්ත' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....ශාන්ත විහරණ ඇති හෙයින් 'සන්ත' නම් වූගම්භීර ප්‍රඥා ඇති හෙයින් 'භූරිපඤ්ඤ' නම් වූමහා ප්‍රඥා ඇති හෙයින් 'මහාපඤ්ඤ' නම් වූලෝභය දුරු වී ඇති හෙයින් 'වීතලෝභ' නම් වූසත්‍යයට පත් වූ හෙයින් 'තථාගත' නම් වූසොඳුරු ගමනක් වැඩි හෙයින් 'සුගත' නම් වූඑවැනි වෙන කෙනෙකු නැති හෙයින් 'අප්පටිපුග්ගල' නම් වූසමාන කෙනෙක් නැති හෙයින් 'අසම' නම් වූවිශාරද ඤාණ ඇති හෙයින් 'විසාරද' නම් වූසියුම් නුවණැති හෙයින් 'නිපුණ' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....තණ්හාව සිඳුලූ හෙයින් 'තණ්හච්ඡිද' නම් වූඅවබෝධයට පත් වූ හෙයින් 'බුද්ධ' නම් වූකෙලෙස් දුම් බැහැර කළ හෙයින් 'වීතධූම' නම් වූකෙලෙස් හා නො තැවරී සිටින හෙයින් 'අනුපලිත්ත' නම් වූපුද පූජාවන්ට සුදුසු හෙයින් 'ආහුණෙය්‍ය' නම් වූශ්‍රේෂ්ඨ උතුමකු හෙයින් 'යක්ඛ' නම් වූඋතුම් පුද්ගලයෙකු හෙයින් 'උත්තමපුග්ගල' නම් වූඅසාමාන්‍ය ගුණ ඇති හෙයින් 'අතුල' නම් වූමහා ගුණ ඇති හෙයින් 'මහා' නම් වූමහා යසසට පත් වූ හෙයින් 'මහතෝයසග්ගපත්ත' නම් වූඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම....
උපුටා ගැනීම: ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම (උපාලි සූත්‍රය)කර්තෘ: අතිපුජ්‍ය කිරිබත්ගොඩඤාණානන්ද හිමි
0 comments:
Post a Comment