අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධයෙන්ම දේශනා කොට වදාළ. අපි නොදන්න අපගේ ම ජිවිත පිළිබද අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන ගැඹුරින් කතා කරනු ලබන්නේ පටිච්ච සමුප්පාදයෙනි. ඒ පටිච්ච සමුප්පාදය ලෝකයේ ඇති ගැඹුරුම ධර්මාවබෝධය ලබා දෙන වැඩ පිළිවලට අයිති දෙයකි. එය අනුපිළිවලට ණුවනින් මෙනෙහි කිරීමෙන් ජිවිතය ගැන අප තුල ඇති පටු ආකල්පය සහමුලින්ම නැතිකොට එය පුලුල්ව හිතන්න දකින්න පුලුවන් බවක් ඇති කරගන්නට පුළුවන් වන බව අපගේ භාග්‍යවත් බුදු රජානන් වහන්සේ ඥාණ වත්ථු යන සුත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළ සේක. එබැවින් තම තමන්ගේම ජිවිතාවබෝධය පිණිස උපකාර වන මේ මහනීය වු ශ්‍රි සද්ධර්මය ඔබත් මනාව ඉගෙන ගන්න උත්සාහ කරත්වා.!!!
පටිච්ච සමුප්පාදය. පාළි භාෂාවෙන්
අවිජ්ජා පච්චයා සංකාරා සංකාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණං පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සලායතනං සළායතන පච්චයා ඵස්සෝ ඵස්ස පච්චයා වේචනා
වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති
ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.
අවිජ්ජාවෙන් යුක් වීමට නිසා අවිජ්ජාවට අනුව සංස්කාරයන්ගේ හට ගැනීම වේ. ඒ සංස්කාරයන්ට අනුරූපීව විඤ්ඤාණය ඇතිවේ. එබදු ලෙස හට ගන්නා විඤ්ඤාණට අනුරූපීව නාමයෙත් රූපයෙත් පැවැත්ම ද, ඒ නාම රූපයේ පැවැත්මෙන් සළායතනයන්ගේ පැවැත්මද , ඒ සළායතනයන් ඇති බැවින් ඒවා නිසා හට ගන්නා ස්ඵර්ෂයද , ඒ ස්ඵර්ෂයට අනුරූපීව ඇතිවන වේදනාවන් ද, ඒ වේදනාවන්ට අනුරූපීව සකස්වෙන ආශාවන්ද, ඒ ආශාවන්ට අනුරූපීව බැදීයාමද , ඒ බැදීයාම නිසා හට ගන්න භවයද (විපාක පිණිස කර්ම සකස්විමද ) විපාක පිණිස කර්ම සකස් වීමට අනුව උප්පත්තියද උප්පත්තියට අනුරූපීව ජරාව මරණය , සෝක කිරීම , හැඩීම වැලපීම, ආදි සියළු දුක් දොම්නස් මෙන්න මේ ආකාරයෙනුයි හට ගන්නේ.
Posted by SLN
|
at
6:09 AM
|
බළන්ගොඩ නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශන ධර්මරාජ පිරිවෙන් මහා විහාරාධිපති
ගෞරව ශාස්ත්‍රවේදී බළන්ගොඩ ජිනරතන නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
“අච්චෙන්ති කාලා තරයන්ති
රත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමානෝ
ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”
සැදැහැවත් පින්වත්නි,
ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති්රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.
(සංයුත්ත නිකාය අච්චෙන්ති සූත්‍රය - දේවතා වග්ගය)
එහෙත් බොදුනු පිළිවෙත පින්කම් කිරීමට පමණක් ම සීමා වූවක් නොවෙයි. එහි මෙයට වැඩියෙන් ගැඹුරු අරුතක් ඇත. හැම බෞද්ධයකුගේම පරමාර්ථය සසර දුකින් මිදීමයි. එනම් ජාති, ජරා, ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් විමුක්තිය ලබා ගැනීමයි.
Posted by SLN
|
at
11:43 AM
|
තැඹිලිපොල රජ මහා විහාරය, කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය, ඊතණවත්ත මැද්දේගොඩ පුරාණ ටැම්පිට විහාරය, රුක්අත්තනේ පුරාණ විහාරය යන සිවු මහා විහාරාධිපති නාමල්වත්තේ ආනන්ද හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...!!!
ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝ නරො
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං
සේහි දාරේහි සන්තුට්ඨෝ
වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු
තං පරාභවතෝ මුඛං
අතීත යොබ්බනෝ පෝසෝ
ආනේති තිම්බරුක්‍ඛනිං
තස්සා ඉස්සා න සුපති
තං පරාභවතෝ මුඛං ති
ශ්‍රද්ධා ගුණෝපේත කාරුණික පින්වත්නි.
බුද්ධිමත් ගුණ නුවණින් පිරි ඔබ සැවොම සූදානම බුදුසරණ දහම් ලිපියට දෙනයන යොමු කරල ඒ තුළින් ජීවිතයට ගත යුතු ප්‍රයෝජනය ලබාදෙන මෙලොව පරලොව සැපත සතුට හා උතුම් වූ නිර්වාණය සාක්ක්‍ෂාත් කර ගැනීමටයි. ධර්ම ශ්‍රවණය කිරීම හා දහම් පත පොත පරිශීලනය කිරීම මිනිසාගේ දෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන්නකි. තථාගත දහමට සම කළ හැක්කේ ධර්මයම පමණි. “සුනන්තු සග්ග මොක්ඛදං” යනුවෙන් දේවතාරාධනයෙහි සඳහන් වන පරිදි ලෞකික ඉහළම සැපත වන දිව්‍යලෝක සැපයත්, ලෝකෝත්තර අවේදයිත අග්‍ර වූ නිර්වාණ සම්පත්තියත් ලැබිය හැකි පුණ්‍ය කර්මය ධර්ම ශ්‍රවණය කිරීමයි.
Posted by SLN
|
at
11:36 AM
|
ගම්පහ උග්ගල්බොඩ
ධම්මාරාම යෝගාශ්රමාධිවාසී
නාවල ධම්මානන්ද හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස!!!
පඤ්චිමේ ආවුසෝ ආඝාතපටිවිනයා යත්ථ
භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ
පටිවිනේතබ්බෝ’ ති
ශ්රද්ධාවන්ත පින්වතුනි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ පටිඝය දුරුකර ගන්නා ආකාරය පිළිබඳව සඳහන් වන ඉතා වටිනා දේශනාවක් පැහැදිලි කිරීමටයි සූදානම් වන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, යම් කෙනෙකුගේ සිතේ පටිඝය - ක්‍රෝධය ඇති වුවොත් ඒක ඒ තැනැත්තාට අනර්ථය පිණිස හේතුවන බව. එයින් අනුන්ටත් අනර්ථයක් වනවා. ඒ වාගේම සිත බලවත් අන්ධකාරයකින් වැසී ගියා වාගේ හොඳක් නරකක් නො පෙනෙන තත්ත්වයට පත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා සිතේ යම් අයුරකින් පටිඝය ඇති වුණොත් එය තේරුම් අරගෙන ඉක්මනට ම එය දුරු කර ගන්නටයි, අප උත්සාහ කළ යුත්තේ. ලෝකයේ සිටින පුද්ගලයින්ගේ නොයෙක් අඩුපාඩුකම් තිබෙන්නට පුළුවන්. ඒ අඩුපාඩුකම් පෙනෙන කොට යි, පටිඝය හටගන්නේ. ඒ අඩුපාඩුකම් මෙනෙහි නො කර ඒ තැනැත්තාගේ සුළු හෝ හොඳක් තිබෙනවා නම්, අන්න ඒ හොඳ ගැන හිත පහන් කර ගෙන හිතේ තිබෙන පටිඝය දුරුකර ගන්නා ආකාරය යි මේ දේශනාවෙන් පැහැදිලි කෙරෙන්නේ. ඒ නිසා මේ දේශනාව අපගේ ජීවිතයට වැදගත් නිතර සිහිපත් කළ යුතු වටිනා සූත්‍ර දේශනාවක්.
Posted by SLN
|
at
11:28 AM
|
කැකණදුර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනයේ
යටියන මංගල ඉසි හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස.
මග්ගා නට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨො ධම්මානං
දිපදානං ච චක්ඛුමා
ධම්මපදය – මාර්ග වග්ගය)
කාරුණික පින්වත්නි!
තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කළ ධම්ම පද ගාථාවක් ප්‍රකාශ කළේ ධම්ම පදයෙහි 20 වැනි මාර්ග වර්ගයේ මුල් ගාථාවයි. මෙහි සරල තේරුම නම් මාර්ගයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යය අතුරෙන් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්යය සත්‍යයයි. ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපා සියලු සත්ත්වයන්ට පසැස් ඇති ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේයි යන්න
Posted by SLN
|
at
5:16 AM
|