skip to main | skip to sidebar

Budu Kutiya මේ ගෞතම බුද්ධ රාජ්යයයි..

පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් දුටු ඒ උතුම් දර්ශණය


Posted by SLN | at 6:52 PM | 0 comments

Newer Posts Older Posts Home
Subscribe to: Comments (Atom)

සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක්

සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක්

සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක්

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත‍්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක් දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.

එදුසිල්වත් බව නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්,යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි. මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්ය බහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක් දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති. මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්, විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යෑම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නොදකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.

කෙසේ ‍හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.

අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාව, නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නොවනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා…! ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා! තෙරුවන් සරණයි!

‘අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච

අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ’

සියල්ලෝ සංසාර බිය දකිත්වා! අප්‍රමාදී වෙත්වා!

අප උපන් මේ හෙළබිම සහ දුන් උපන් ජන්බුද්වීපය

  • අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි 1
  • අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි 2
  • සිද්ධාර්ථෝත්පත්තිය සිදු වූ ලුම්බිණිය
  • සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත්වූ ගයාව
  • බුදුන්වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සිදුකල ඉසිපතනය
  • සම්බුද්ධ පරිනිර්වානය සිදුවූ කුසිනාරාව
  • බුදුන්වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කළ සැවැත් නුවර ජේතවනාරාමය සහ රජගහ නුවර වේළුවනාරාමය

Visitors Now!

Blog Archive

  • ▼  2018 (3)
    • ►  August (2)
    • ▼  July (1)
      • පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් දුටු ඒ උතුම් දර්ශණය
  • ►  2014 (3)
    • ►  November (3)
  • ►  2012 (29)
    • ►  July (28)
    • ►  March (1)
  • ►  2011 (6)
    • ►  December (1)
    • ►  June (2)
    • ►  May (3)
  • ►  2010 (1)
    • ►  July (1)
  • ►  2009 (5)
    • ►  December (5)

කතාවක් කියවමු

දිනක එක්තරා කෙනෙකු මදක් රැ බෝ වී ගෙදර යන්නේ ඔහු යන මාවතේ මාර්ගයට ආලෝකය සපයන පහන් කණුවක් ලග ඉතාමත් ඕනෑ කමින් යමක් සොයනා මහළු මිනිසෙකු දැක්කේ ය. මදක් විමසිල්ලෙන් ඒ දෙස බැලූ මේතෙමේ ඉතාමත් කලබලයෙන් යුතුව තමන්ගේ නැති වූ යමක් සොයනා මහල්ලා වෙත කිට්ටු වී කාරණය විමසා සිටියේ ය "මොකද්ද උන්නැහේ මේ කලබලෙන් වගේ හොයන්නේ " "අනේ බලන්නකෝ මහත්තයෝ මගේ මේ යතුර වැටුනා නොවැ" ඉහත සදහන් පුද්ගලයාට මහත් කරුණාවක් ඇතිවිය. ඔහුද කෙසේ හෝ මේ මිනිසාට උදව් කරන්නෙමියි සිතා ඔහු හා එකතුව යතුර සොයන්නට විය මද වේලාවකින්

"ඇත්තටම උන්නැහේ කොතැනද ඔහේ ගෙන් ඔය යතුර වැටුණේ "

අදුරු මාවත දෙසට අත දිගු කල මහළු මිනිසා මෙසේ කීය "අනේ මහත්තයෝ ඒක වැටුණේ අර පේන ඉසව්වේ නෙවැ"

මෙතෙක් වෙලා තමන්ගේ ගමන ද නවතා උදව් කරමින් සිටි තැනැත්තා එයින් මහත් කෝපයට පත් විය. "ඇයි උන්නැහේ යතුර වැටුණේ එතන නම් මෙතන හොයන්නේ අහවල් දේකටද" යි අසා සිටියේය.

මහළු මිනිසාට එයටද පිළිතුරක් විය "ඉතිං මහත්තයෝ එතන මොකුත් එලියක් නැහැ නෙවැ "

මෙය හුදු කථාවක් මිසක බණ කථාවක් නොවේ. එසේ නමුත් සාමන්‍ය ජනයාගේ ගැටළුවද මෙයමය.

නිරන්තරයෙන් දුකට පත් වෙමින් දුකින් නිදහස් වීමටම වෙර වඩනා ඒ දුක් නැති කර ගෙන සියළු සැප ලබා ගැනීමට වෙහෙසෙන අයද අප්‍රමාණ වූ වෙහෙසක් දරාද මුදුන් පත් නොවූ පැතුම් ඇතිවය මිය පරලොව යන්නේ ය සමහර විටෙක ඔවුන් කටයුතු කරන්නේ ද නොමැරෙනවුන් ලෙසටය.

මෙසේ ජීවිතය පිළිබද අවබෝධයක් නොමැති නිසාවෙන් තමන්ගේ ද දුකට පත් වෙමින් අන් අයද දුකට පත් කරනා රාග ද්වේෂ මෝහාදියෙහි ගිලී හාන් කාසියක් වත් එයින් ගැලවීමට අදහසකුත් නොමැතිව වාසය කරනු ලබන්නේ අදුරේ හලා ගත් යතුර එලිය තිබෙන තැනකින් අහුලා ගන්නට හොයන්නාක් මෙනි

බුදු බණ අහන්න...

  • සම්බුදු සරණ...

Labels

  • Sri Lanka Buddhism (5)